කොලින් හරිස්චන්ද්‍ර
මාතලේ නගරයේ පිහිටි අරුල්මිගු ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානයේ වාර්ෂික තේරු උත්සවය 2025.03.12 වන දින උදෑසන 06.00 සිට 2025.03.13 වන දින සවස 06.00 දක්වා මාතලේ නගරය කේන්ද්‍රව පැවැත්වීමට නියමිතය. මෙම උත්සවය අතරතුර, නගරය තුළ විශාල රථ වාහන තදබදයක් ඇති වීමට ඉඩ ඇති බැවින්, රියදුරන්ට සහ මහජනතාවට පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස නිර්දේශ කර ඇත.
විකල්ප මාර්ග:
මහනුවර දෙස සිට මාතලේ හරහා දඹුල්ල දෙසට ගමන් කරන වාහන සඳහා:
කූඹියන්ගොඩ මාර්ගය
– කූඹියන්ගොඩ මාර්ගයෙන් පැමිණ, කූඹියන්ගොඩ පාලම අසලින් වමට හුලංගමුව මාර්ගයට හැරී යන්න.
– මාතලේ නගරය රජවීදියට පිවිස වමට හැරී දඹුල්ල දෙසට ගමන් කරන්න.
දඹුල්ල දෙස සිට මාතලේ හරහා මහනුවර දෙසට ගමන් කරන වාහන සඳහා:
ඉඹුලන්දන්ඩ මාර්ගය
– තොටගමුව හන්දියෙන් වමට ඇති ඉඹුලන්දන්ඩ මාර්ගය ඔස්සේ ගමන් කරන්න.
– කනන්ගමුව හන්දියෙන් දකුණට ඇති පාරාවත්ත මාර්ගයේ කලුදෑවල දක්වා ගමන් කරන්න.
– වමට ඇති රත්තොට මාර්ගයේ වේරගම දක්වා ගමන් කරන්න.
– දකුණට හැරී කිවුල හරහා මාතලේ ගොංගාවෙල මාර්ගයට පැමිණ, වමට හැරී මාතලේ/මහනුවර මාර්ගයට පිවිස මහනුවර දෙසට ගමන් කරන්න.
තේරු රථ ගමන් කරන අවස්ථාවේදී:
-2025.03.12 දින තේරු රථ මාතලේ නගරය මධ්‍යයේ ඇති ප්‍රධාන වීදිය ඔස්සේ ගමන් කරන අවස්ථාවේදී, මාතලේ නගරයේ රජ වීදිය ඔස්සේ දඹුල්ල හා මහනුවර දෙදිශාවටම රථ වාහන ගමනා ගමනය සිදු කළ හැකිය.
-2025.03.13 දින තේරු උත්සවය රජ වීදිය ඔස්සේ ගමන් කරන අවස්ථාවේදී, ප්‍රධාන වීදිය ඔස්සේ දඹුල්ල හා මහනුවර දෙදිශාවටම රථ වාහන ගමනා ගමනය සිදු කිරීමට සැලසුම් කර ඇත.
මෙම විකල්ප මාර්ග භාවිතා කිරීමෙන් තේරු උත්සවය අතරතුර රථ වාහන තදබදය අවම කර ගැනීමට හැකි වනු ඇත. බැතිමතුන් සහ සංචාරකයින් ආශිර්වාද ලබා ගැනීම සඳහා පැමිණෙන බැතිමතුන් තමන්ගේ ආරක්ෂාවත් සලසා ගැනීමට කල්පනාකාරී වන්න.
