Skip to content
ලක්මිණි නදීෂා – කොළඹ
අර්’චුනා රාමනාදන් මන්ත්‍රීවරයාට පාර්’ලිමේන්තු දින 08ක තාවකාලික වාරණයක් පනවන බව කථානායකවරයා අද (19) පාර්’ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ඒ මන්ත්‍රීවරයා සිදු කරන ජාතික සමගියට හා සංහිඳියාවට හානි වන සහ අවමන් සහගත ප්‍රකාශ පිලිබඳ සැලකිල්ලට ගනිමින් පාර්’ලිමේන්තුවේ සිදුකරන ප්‍රකාශ සජීවී ලෙස ශ්‍රව්‍ය, දෘශ්‍ය හා සමාජ මාධ්‍යවල සජීවී විකාශ කිරීම තාවකාලිකව අත්හිටුවන බවද කථානායකවරයා පැවසීය.
තවද මන්ත්‍රීවරයා සිදු කරන අවස්ථානුකූල ලෙස අවමන් සහගත ප්‍රකාශ, අශෝභන හා පහත් ප්‍රකාශ හැන්සාඩ් වාර්’තා වලින් ඉවත් කරන බවද කථානායකවරයා දැනුම් දුන්නේය.
ඒ අනුව හෙට (20) සිට මැයි 08 දක්වා පාර්’ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින 08 තුළ අර්’චුනා මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ වාර්’තා කිරීම අත්හිටුවීම ක්‍රියාත්මක වෙයි.
එම කාලය තුළ මන්ත්‍රීවරයාගේ හැසිරීම අනුව, මෙම තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම සිදු කරන්නේද නැද්ද යන්න සලකා බලන බවද කථානායකවරයා සභාවට දැනුම් දුන්නේය.