අයිස් මත්ද්‍රව්‍ය සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට

  .රංජන් මඩගම්මන 

2025.05.16 වන දින කුරුවිට පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරමට  සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කුරුවිට බටතොට ප්‍රදේශයේ දී  අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 11900 ක් සමග අත් අඩංගුවට ගන්නා ලදී.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කුරුවිට බටතොට ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 30 සහ 31 වයසෙහි පසුවන පුද්ගලයන් දෙදෙනෙකු වන අතර මෙම අයවලුන් මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම තවත් අපරාධ රැසකට සම්බන්ධ  බවට තොරතුරු  අනාවරණය  වී ඇත. 

මේ සම්බන්ධ වැඩි දුර විමර්ශන  රත්නපුර කොට්ඨාශ  භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතාගේ සහ රත්නපුර පොලිස් අධිකාරි 11 අජිත් කුමාර මහතාගෙ උපදෙස් පරිදි කුරුවිට පොලිස් ස්ථනාධිපති රංජිත් මිණිපුර මහතාගේ මූලිකත්වයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ශක එම්.ජී උදයශාන්ත මහතා ඇතුලු අපරාධ අංශයේ නිලධාරින් විසින් සිදු කෙරේ.

අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 2025.05.17 වන දින රත්නපුර ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *