(මොහොමඩ් ආසික්)


දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පසුගිය දින කිහිපය පුරා පැවැති අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 15 ක පවුල් 2,641 කට අයත් පුද්ගලයින් 9,975 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිකුත් කර ඇති නිවේදනයට අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 190 කට අයත් පුද්ගලයින් 677 දෙනෙකු , හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 16 කට අයත් පුද්ගලයින් 57 දෙනෙකු , ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 217 කට අයත් පුද්ගලයින් 776 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව හෙළි වී තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 275 කට අයත් පුද්ගලයින් 1022 දෙනෙක්ද, කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 580 කට අයත් පුද්ගලයින් 2272 දෙනෙක්ද පීඩාවට පත්ව සිටිති.ගම්පහ දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව සිටින ප්‍රමාණය පවුල් 327 ක පුද්ගලයින් 1278 දෙනෙකි. එයට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 397 කට අයත් පුද්ගලයින් 1478 දෙනෙක්ද, කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 47 ක පුද්ගලයින් 200 දෙනෙක්ද පීඩාවට පත්ව සිටිති.
මහනුවර දිස්ත්‍රික්කයේ මෙම ගණන පවුල් 147 කට අයත් පුද්ගලයින් 564 දෙනෙකී . නුවරඑළිය දිස්ත්‍රික්කයේ එය පවුල් 198 කට අයත් පුද්ගලයින් 787 දෙනෙකු වේ.
මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල පවුල් තුනක පුද්ගලයින් අට දෙනෙකුද බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 153 ක පුද්ගලයින් 541 දෙනෙකුද අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 107 ක පුද්ගලයින් 372 කුද පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙම ආපදා තත්වය හේතුවෙන් නිවාස හයකට පූර්ණ හානි සිදුව ඇති බවත් තවත් නිවාස 2576 කට අර්ධ හානි සිදුව ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි. ආපදා හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවත් මධ්‍යස්ථානය කියයි.

