අයහපත් කාලගුණයෙන් උතුරේ අක්කර 37,000ට අධික ප්‍රමාණයක් විනාශවීමේ අවදානමක

– කතෘ – ප්‍රසන්න ප්‍රදීප් කුමාර –   

උතුරු පළාතට පසුගිය දින වල බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් උතුරේ වී ගොවීන්ට දැඩි බලපෑම් එල්ලාව පවතී. ඒ අනුව උතුරු පළාත තුල බහුල වශයෙන් වී වගා කරනු ලබන වවුනියාව, කිලිනොච්චිය , මුලතිව් හා මන්නාරම යන දිස්ත්‍රික්ක වල කිබුරු විශාල ප්‍රමාණයක් විනාශවී පවතී.

මෙම තොරතුරු මේ වන විට නිලධාරින් එක් රැස් කරමින් පවතින අතර මේ වන විට අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑමක් එල්ලාව පවතින්නේ මුලතිව් දිස්ත්‍රික්කයේ වී ගොවීන්ටයි.

ඒ අනුව අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට වා(ර්)ත වන තොරතුරු වලට අනුව අසන්න වශයෙන් කුබුරු අක්කර 23,744 ක් ජලයෙන් යටව පවතින බව මුලතිව් කෘෂි නිලධාරීන් සදහන් කරයි. එම කුබුරු අතර මහා කන්නයේ වී අස්වනු නෙලීමට නියමිත කුබුරු විශාල වශයෙන් පවතින බවද ඔවුන් සදහන් කරයි.

එමෙන්ම අයහපත් කාලගුණය හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ කුබුරු අක්කර 8000 ක් පමණ ජලයෙන් යටව පවතින බව අපදා කළමනාකරණ නිලධාරීන් සදහන් කරන අතර කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කුබුරු අක්කර 5000 ක් පමණ ජලයෙන් යටව විනාශවීමේ අවධානමක පවතින බව කිලිනොච්චි කෘෂි නිලධාරීන් සදහන් කරයි එමෙන්ම වවුනියාව දිස්ත්‍රික්කයේ කුබුරු අක්කර 1168 ක් පමණ අයහපත් කාලගුණය හමුවේ ජලයෙන් යටව ඇති බව වවුනිය දිස්ත්‍රික් අපදා කළමනාකරණ නිලධාරීන් සදහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *