යසංග මහවිතාන

අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 2025 අය-වැය තෙවැනිවර කියැවීම වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.
අයවැයට පක්ෂව ඡන්ද 159ක් ද, විපක්ෂව ඡන්ද සංඛ්‍යාව 45ක්ද ප්‍රකාශ විය.
2025 වසර සඳහා වන අය-වැය තෙවැනි වර කියැවීම හෙවත් කාරක සභා අවස්ථාවේදී වන ඡන්ද විමසීම ආරම්භ වූයේ අද පස්වරුවේදීය.
ජාතික ජන බලවේග රජය මගින් ඉදිරිපත් කළ පළමු අයවැය වූ 2025 වර්ෂය සඳහා වූ අය-වැයට අදාළව විසර්ජන පනත් කෙටුම්පත 2025 ජනවාරි 09 වන දින පළ මු කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම වර්ෂය සඳහා වන අයවැය පෙබරවාරි 17 වැනි දින පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
පෙබරවාරි 18 වැනි දින සිට පෙබරවාරි 25 වැනි දින දක්වා දින 7ක් දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්විණි.
පනත් කෙටුම්පතේ දෙවැනි කියවීමේ ඡන්ද විමසීම පෙබරවාරි 25 වැනි දින පැවැත්විණි. විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 වැනි දින සිට මාර්තු 21 වැනි දින දක්වා දින 19ක් පැවැතුණි..එයට සෙනසුරාදා දින හතරක්ද ඇතුළත් විය. අද පස්වරුවේ සිදු කෙරුණේ එම විවාදයට අදාළ ඡන්ද විමසීමයි.