එස්. රත්නායක
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස ( අප්‍රේල් ) අග වනවිට බොහෝ දුරට නිකුත් කළ හැකි වේ යැයි Truth news කළ විමසීමකට පිළිතුරු දෙමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය. නිශ්චිත දිනයක් සඳහන් කළ නොහැකි නමුත් මේ මස අගදී එම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇති බවත් මේ දිනවල කඩිනමින් එම කටයුතු සිදු කරගෙන යන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ඉකුත් නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 20 දක්වා පැවති උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් තුන් ලක්ෂ තිස්තුන් දහස් එකසිය අසූ පස් දෙනෙකු(333,185)පෙනී සිටි අතර පාසල් අයදුම්කරුවන් දෙලක්ෂ පනස් තුන්දහස් තුන්සිය අනූවක්ද (253,390) පෞද්ගලික අයදුම්කරුවන් හැත්තෑ නම දහස් හත්සිය අනූපහක්ද(79,795) ඊට ඇතුළත් වූහ.
රටපුරා විභාග මධ්‍යස්ථාන 2312 දී සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319 සම්බන්ධීකරණයෙන් විසි පන්දහසකට අධික කාර්ය මණ්ඩලයක සහභාගීත්වයෙන් මෙම විභාගය පැවැත්විනි .
