අපූරු අලි හොරෙක්

සංජීවනී පද්මසේන

පොලොන්නරුව, සෙවණපිටිය නගරයේ මැයි මස 05 වන දින අලුයම දී වී ගබඩාවකට අලි හොරෙක් පැමිණ ඇති බව වාර්තා වේ. 

මේ අලි හොරා නම් නිරන්තරයෙන්ම රාත්‍රී කාලයේ දී නගරයේ සැරිසරන වන අලියෙකි. වන අලියා විසින් වී ගබඩාවේ ප්‍රධාන තහඩු දොරටුවට හානි කර වී මිටි කිහිපයක් එළියට රැගෙන විනාශ කර දමා ඇති බව ගබඩා භාරකරු සඳහන් කරයි. 

මේ හොර ගෙඩියා එයින් ඉවත් කිරීමට පැයකටත් වඩා වැඩි කාලයක් ගත වී ඇති අතර ඒ සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට ප්‍රදේශවාසීන්ට සිදු වී තිබේ.

රාත්‍රී කාලයේ නිතර නගරයේ සැරිසරන මේ වන අලියාගෙන් මිනිස් ජීවිතවලට අනතුරක් වීමට පෙර කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

සිදුවීම දුටු තැනැත්තෙක් විසින් අලි හොරාගේ ඡායාරූප කිහිපයක් ජංගම දුරකතනයකට රැගෙන තිබුණේ මෙලෙසිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *