අනුරාධපුර සිද්ධියේ සැකකරුගේ සොහොයුරියත් අත්අඩංගුවට

චම්පිකා මුතුකුඩ

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසන කිරීමේ සිද්ධියේ අත්අඩංගුවට පත් වූ සැකකරුගේ වැඩිමහල් සහෝදරිය සහ තවත් පුද්ගලයෙකු අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුට සැඟවී සිටීමට උපකාර කිරීම හා සැකකරු විසින් සොරා ගත් දුරකථනය සන්තකයේ තබා ගැනීම යන චෝදනා දෙක මත මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

ලිංගික හිංසන සිදුකිරීමේ සිද්ධියෙන් පසුව සැඟව සිටි අදාළ සැකකරුට රැකවරණ සලසා ඇත්තේ තිස්හත් හැවිරිදි  ඔහුගේ වැඩිමහල් සහෝදරියයි .ඇය තිදරු මවකි.

අත්අඩංගුවට පත් අනෙක් තැනැත්තා සිද්ධියේ සැකකරු විසින් සොරා ගත් බව පැවසෙන දුරකථනය ළඟ තබා ගත් විසිහත් හැවිරිදි  අයෙකි.

ගල්නෑව ප්‍රදේශයේ රක්ෂිතයකදී අත්අඩංගුවට ගනුලැබූ අදාළ සිද්ධියේ සැකකරු අද  අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *