(කිත්සිරි වනසිංහ)
මාර්තු සහ අප්‍රේල් මස අතිකාල දීමනා නොගෙවීම හේතුවෙන් අනුරාධපුරු පිහිටි උතුරු මැද පළාත් ආයුර්වේද රෝහලේ හෙද හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය පළාත් ආයුර්වේද කොමසාරිස්වරියට විරුද්ධව විරෝධතාවක නිරතව සිටිති.
පළාත් අයුර්වේද රෝහලේ හෙද හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින් 45 අසන්න පිරිසක් මෙසේ විරෝධතාවයේ නිරත වෙති.
මාර්තු සහ අප්‍රේල් මස අතිකාල ලේඛන සම්පූර්ණ කර ගෙවීම් සඳහා ලබා දී තිබුනද පළාත් ආයුර්වේද කොමසාරිස්වරියගේ මැදිහත් වීම මත එම ගෙවීම් ප්‍රමාද වන බව විරෝධතාකරුවෝ කියති.
කෙසේ වෙතත් විරෝධතාවය හේතුවෙන් මාර්තු මස අතිකාල ගෙවීම් ලබාදීමට පළාත් ආයුර්වේද කොමසාරිස්වරිය ඇතුළු බලධාරීන් පියවර ගෙන තිබුණද අප්‍රේල් මස අතිකාල දීමනාවද ගෙවන තෙක් තමන් විරෝධතාවය අත් නොහරින බව විරෝධතාකරුවෝ කියති.



