යසංග මහවිතාන
අනුරාධපුර බන්ධනාගාරයෙන් අනීතිකව නිදහස් කළ ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බව කියමින් නීති විරෝධී ලෙස නිදහස ලත් එම පුද්ගලයා මේවන විට පදිංචි ප්‍රදේශයෙන් පලාගොස් සැගවී සිටින බව වාර්තා වේ.
අනුරාධපුර මහාධිකරණය මගින් මූල්‍ය වංචාවකට වරදකරු කර ලක්ෂ විස්සක මුදලක් නොගෙවීම හේතුවෙන් සිරදඬුවම් නියම වී සිටි අතුල තිලකරත්න නම් සිරකරු ඉකුත් මැයි (12) වැනිදාට යෙදුණු වෙසක් පොහෝ දිනයේදී ජනාධිපති පොදු සමාව ලැබූ පිරිසක් සමග බන්ධනාගාරයෙන් නිදහස් විය.
එහෙත් ජනාධිපතිවරයා විසින් නම් කරන ලද සිරකරුවන්ට අතරට ඔහු අයත් නොවන බව මේ වන විට හෙළිවී තිබේ.
මෙසේ නීති විරෝධී ලෙස මෙම සිරකරුවාට නිදහස ලබාදුන් අනුරාධපුර බන්ධනාගාර කොමසාරිස්වරයා මේ වනවිට අත්අඩංගුවේ පසුවන අතර අදාළ සිරකරු වහා අත්අඩංගුවට ගැනීමට නියමිතය.
