අන්තරේ කැඳවුම්කරු සහ තවත් පිරිසක් අත්අඩංගුවට

බුද්ධික වීරසිංහ

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් පොලීසිය විසින්  අද අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපිටක කරන ලද විරෝධතාවයක් හේතුවෙනි.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන්ගේ එකමුතුව විසින් පැවැත්වූ විරෝධතාව සම්බන්ධව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අන්තර් විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මදුෂාන් චන්ද්‍රජිත් ඇතුළු විරෝධතාකරුවන්  නව දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

අද (16)දහවල් දොළහේ සිට හෙට පස්වරු පහ දක්වා බලපැවැත්වෙන පරිදි මාලිගාකන්ද උසාවිය විසින්  කොළඹ රෝහල් චතුරස්‍රයට සහ සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයට ඇතුළුවීම සහ රෝහල් කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් විරෝධතාකරුවන් පිරිසට එරෙහිව  ලබා දී තිබුණු නියෝගය කඩ කිරීමේ චෝදනාව මත ඔවුන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *