අනතුරක් වීමට පෙර පිළියමක් යොදන්න

වැලිගම  තරංග ගුණරත්න 

වැලිගම නගරයේ  දුම්රිය හරස් මාර්ගවල  දුම්රිය ගේට්ටු වෙනුවට යොදා ඇති බෙල් ඇන් ලයිටි  සිස්ටම් පද්ධති  කිහිපයක්ම  දින ගණනාවක් තිස්සේ  බිඳ වැටීමට ලක්ව ඇති බවත් එය නිවැරදි කිරීමට බලධාරීන් කටයුතු නොකරන බවට ජනතාව පවසති .

වැලිගම නගරයේ   දුම්රිය හරස් මාර්ග කීපයක් ඇති අතර  එම මාර්ග කිහිපයක   යොදා ඇති  බෙල් ඇන් ලයිටි පද්ධති දින ගණනාවක සිට අක්‍රීයව පවතින බවට  ජනතාව පවසති
එම මාර්ග අතර  වැලිගම අග්‍රබෝධි මාවත , වැලිගම මහානැවියා මාර්ගය  මෙලෙස  බොහෝ කලක සිට බිඳවැටීමට ලක්වන  බව ජනතාව  පෙන්වාදෙති .
එම  දුම්රිය හරස් මාර්ග අතර  වැලිගම අග්‍රබෝධි මාර්ගයේ ඔස්සේ  වැලිගම ධර්මරාජ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය, සහ ඓතිහාසික වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරය ද   පිහිටා තිබේ .
මේ අතර මහානැවියා මාර්ගය ඔස්සේ   දෙස් විදෙස්  අති විශාල පිරිසක් දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේද ගමන් කරනු ලබති  එම ජනතාවගේ සහ  ගමන් කරන නොයෙකුත් වාහන  පිළිබඳව  අවදානම් තත්ත්වයක පවතී.
විශේෂයෙන්ම   වටිනා ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීමේ අරමුණින්   දුම්රිය හරස් මාර්ග සදහා වසර ගණනාවකට ඉහතදී ගේට්ටු මුරකරුවන් යොදා තිබුණත්  පසුකාලීනව එම ගේට්ටු මුරකරුවන් ඉවත්කොට බෙල් ඇන් ලයිටි පද්ධති  සවිකිරීමට කටයුතු කළහ.
මෙම ක්‍රමවේදය දියුණු ක්‍රමයක් වුවද  නිරන්තරයෙන් මෙම පද්ධතිය බිඳවැටීමට ලක්වන අතර  එමෙන් බිඳ වැටීම දින ගණනාවක් තිස්සේ පවතින බවද ජනතාව පවසති.
මේ පිළිබඳව විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මඟින් අවස්ථා ගණනාවකදී තොරතුරු අනාවරණය කෙරිණ. එහෙත්  ස්ථීර විසඳුමක් ලැබී නැතැයි ද  ජනතාව පවසති .
මේ අතර  මෙම පද්ධති බිඳ වැටීම් වලට ලක්විම පිළිබඳව  දැනුම් දීම සඳහා   කෙටි දුරකථන අංකයක් ( 1971 )  හඳුන්වාදී තිබුණත්  මෙම පද්ධති දිගින් දිගට බිඳ  වැටිම  නිසා  මෙම තත්වය සාමාන්‍ය දෙයක් බවට පත්ව  බිඳවැටීම් පිළිබඳව දැනුම් දීමට පවා  ජනතාව මැලිකමක් දක්වති.
එ බැවින්  කිසියම් මොහොතක වටිනා ජීවිත මෙන්ම වටිනා දේපළ අහිමි වීමට ඉඩ ඇතැයි ද ජනතාව කියති..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *