අනතුරකට අත වනන මාර  ගසක්

මොහොමඩ් ආසික්                                  

කුණ්ඩසාලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් බලගොල්ල ප්‍රදේශයේ පිහිටි අනතුරුදායක ලෙස මාර්ගය අයිනේ පිහිටි විශාල ප්‍රමාණයේ ගසකි මේ.

මෙම ගසේ අතුවල ගෑවෙන මට්ටමින් තෙකලා විදුලි රැහැන් ගමන් කරන අතර ඒ අසල නිවාසද පිහිටා තිබේ. මෙම ගස ඉතා අනතුරුදායක ලෙස පිහිටා තිබීම නිසා එය කපා ඉවත් කර දෙන ලෙස තමන්  වග කිව යුතු අංශවලින් ඉල්ලා ඇතත් තවමත් එය ඉටු වී  නොමැති බව ප්‍ර දේශවාසීහු කියති. ඔවුන් ඉල්ලා සිටින්නේ අනතුරුදායක ලෙස පිහිටා ඇති මෙම ගස කපා ඉවත් කර දෙන ලෙසයි.

මෙම අනතුරුදායක ගස සම්බන්ධයෙන් ප්‍රදේශවාසින් විසින් කුණ්ඩසාලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත දැනුම් දීමෙන් පසුව ඒ ගැන පරීක්ෂා කර මෙම ගසේ අනතුරුදායක තත්වය පැහැදිලි කරමින් කුණ්ඩසාලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත 2025.01.01.28 වනදා ලිපියක් මගින් දන්වා තිබුණද තවමත් මෙම ගස ඉවත් කර නොමැති බවත් අනතුරුදායක තත්වය එසේම පවතින බවත් ප්‍රදේශයේ ජනතාව පවසති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *