අධික වර්ෂාවෙන් ගම්මාන ගණනාවක සිදුවූ නාය හේතුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා

හේවාහැට-චම්පික දසනායක 

නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ වලපනේ හා හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට පසුගිය 30දා අළුයම ඇදහැළුණු අධික වර්ෂාවෙන් ගම්මාන ගණනාවක සිදුවූ නාය හේතුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා එල්ල වී ඇත. 

මතුරට මන්දාරම්නුවර හයිපොරස්ට් හරහා නුවරඑළිය දක්වා දිවෙන මාර්ගය වලපනේ නිල්දණ්ඩ්හින්න තෙරිපැහැ මාර්ගය ඇතුළුව තවත් ප්‍රධාන මාර්ග ගණනාවකට නාය යාමෙන් හානි සිදුවීම නිසා එම මාර්ගවල පවතින අවහිරතා ඉවත් කරනතුරු ගමනාගමනය නවතා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

පදියපැලැල්ල මහනුවර ප්‍රධාන මාර්ගයේ ස්ථාන හතරකින් මාර්ගයට පස් කඳු කඩා වැටී ගල් පෙරලීමෙන් අවහිරවී තිබේ මීට අමතරව නිල්දණ්ඩ්හින්න හරස්බැද්ද මාර්ගයේ හෙරඩියගොල්ල ප්‍රදේශයේ නාය යාම නිසා එම මාර්ගයේ ගමනාගමනයට බාදා එල්ලවී තිබේ. 

පවතින අවදානම් තත්වය සලකා මතුරට මන්දාරම්නුවර පදියපැලැල්ල ප්‍රදේශවල පාසල් සියල්ල අද (30දා) වසා දැමීමට හඟුරන්කෙත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා විසින් විදුහල්පති වරුන්ට උපදෙස් ලබාදී ඇත. 

නාය යාමට ලක්වීම නිසා එම ප්‍රදේශවල කුඹුරු ඉඩම් ඇතුළුව වගාබිම් මුළුමනින්ම විනාශයට පත්ව ඇති බව ප්‍රදේශවාසීහු සඳහන් කරති. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *