අජිත්ලාල් ශාන්තඋදය
රිමාන්ඩ් සිරකරුවෙකුවු ජයසේකර ආරච්චිගේ අසංක ඉදුනිල් (46) නමැත්තා අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ නේවාසිකව රදවා සිටියදී මොට ආයුධයකින් හිසට පහරදීම හේතුවෙන් මොලයට හානිවීම හා පපුවේ වම්පසට පහරදීම මගින් ඉල ඇට වලට සිදුවූ හානි හේතුවෙන් සිදුවූ අභ්‍යන්තර ලේ වහනය නිසා මියගොස් ඇතැයි අධිකරණ වෛද්‍ය නිළධාරී වරයා නිගමනය කර ඇති බව අගුණකොලපැලැස්ස පොලිසිය පවසයි.
පසුගිය අප්‍රේල් 29 දින රථවාහන නඩුවක් සම්බන්ධයෙන් වෙනත් පුද්ගලයකුට ඇප තැබීම සඳහා මිය ගිය තැනැත්තා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් තිබුණි. ඔහුගේ ජංගම දුරකතනය අධිකරණ ශාලාව තුළදී නාදවීම නිසා මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු උසාවි පොලිස් නිලධාරියාට බාර දෙන ලදී. පසුව ඇඹිලිපිටිය පොලිසිය මගින් නැවත බී වාර්තාවක් මගින් ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. ජංගම දුරකතනය නාදවු පුද්ගලයා දින දාහතරකට රිමාන්ඩ්භාරයට පත්කරන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා නියම කර තිබුණි. ඒ අනුව බන්ධනාගාර නිලධාරින් විසින් ඔහු අගුණකොළලැස්ස බන්ධනාගාරය වෙත ගෙනයනු ලැබීය.
මෙසේ බන්ධනාගාර ගතකෙරුණේ, ඇඹිලිපිටිය නව නගරයේ අංක 27 නිවසේ පදිංචි ජයසේකර ආරච්චිගේ අසංක ඉඳුනිල් (46) යන අයයි. බන්ධනාගාරයේ දී හදිසියේම අසනීප තත්වයක් බව පවසා ඔහු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබුණි. එම රැඳවියා බන්ධනාගාර නිලධාරීන් බාරයේ හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 02දා දින මියගියේය.
අගුණුකොළපැලැස්ස පොලීසියට, අගුණකොළපැලැස්ස බන්ධනාගාරය විසින් මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණි. අගුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට වෙත අගුණකොළපැලැස්ස පොලිසිය 03දා බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කළේය. අගුණකොළපැලැස්ස මහේස්ත්‍රාත්වරිය 04දා හම්බන්තොට මහ රෝහලේ මෘත ශරීරාගාරයට ගොස් මියගිය තැනැත්තාගේ සිරුර නිරික්ෂණය කළාය. ඉන්පසු පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී වරයාට නියෝග කළාය. ඒ අනුව හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී ප්‍රසන්න සෙල්ලහේවා මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබීය.
රිමාන්ඩ් සිරකරුගේ මරණයට හේතුව, මොට ආයුධයකින් හිසට පහරදීම හේතුවෙන් මොලයට හානිවීම හා පපුවේ වම්පසට පහරදීමෙන් ඉල ඇට වලට සිදුවූ හානි හේතුවෙන් සිදුවූ අභ්‍යන්තර ලේ වහනය ජයසේකර ආරච්චිගේ අසංක ඉදුනිල් නැමැත්තාගේ මරණයට හේතුව බව අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විය.
මියගිය තැනැත්තාගේ වැඩිමහල් සහෝදරයා වන බුද්ධික ප්‍රසාද්(50) පැවසුවේ, කිසිදු අසනීපයක් තම සහෝදරයාට නොතිබුණු බවයි. කුමන හේතුවක් නිසා තම සහෝදරයාට බන්ධනාගාර නිලධාරීන් පහර දුන්නේද යන්න තමන් නොදන්නා බව ද ඔහු පැවසුවේය. බන්ධනාගාර නිලධාරීන් පහරදීම නිසා තම සහෝදරයා මියගොස් ඇතැයි තමන් සැකකරන බවද බුද්ධික ප්‍රසාද් මහතා කීවේය. තම සහෝදරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ පරික්ෂණයක් පවත්වා වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස වගකිවයුතු සියලු දෙනාගෙන් ඉල්ලන බවද බුද්ධික ප්‍රසාද් මහතා කීවේය..
මියගිය තැනැත්තා විසින් ඇප දීමට බලාපොරොත්තුව ගිය තැනැත්තාද රිමාන්ඩ්භාරයට පත්ව තිබේ. මේ අතර ඔහුද එම බන්ධනාගාරයේ රඳවා තිබියදි අසනීප තත්ත්වයක් නිසා රෝහල් ගතකර ඇතිබව දැනගන්නට ඇතැයිද බුද්ධික ප්‍රසාද් මහතා සදහන් කළේය.
මියගිය ජයසේකර ආරච්චිගේ අසංක ඉදුනිල් (46) යන අය විවාහයෙන් නිත්‍යානුකූලව වෙන්ව සිටි තැනැත්තෙක් බව ද ඔහු කීවේය. ඔහුට එක් දරුවෙකු සිටින අතර එම දරුවා මෙවර අපොස උසස්පෙළ ඉහළින් සමත්ව ඇති බව දැනගන්නට ඇතැයිද පැවසුවේය.
ප්‍රධාන පොලිස් පරික්ෂක නිරෝෂන් අබේකෝන් මහතාගේ මූලිකත්වයෙන් අගුණකොළපැලැස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
ඇඹිලිපිටිය, නව නගරය, නව වෙළඳ බිම් , අංක 160 /බී, දරණ ලිපිනයේ පදිංචි මරණකරුගේ පුංචි අම්මාගේ පුතෙකු වන ගලගම් මුල්ලගේ ලසිත් සුරංග යන අය විසින් මියගිය අයගේ සිරුර බාරගනු ලැබීය.
මියගිය අසංක ඉදුනිල්

අසංක ඉදුනිල්ගේ සිරුර

බුද්ධික ප්‍රසාද් (මියගිය අයගේ සහෝදරයා)
