අද සෙවනැල්ල අතුරුදහන් වන ප්‍රදේශ

චම්පිකා මුතුකුඩ

 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර සහ  සබරගමුව පළාත්වලත් ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය  හැක.

 බස්නාහිර, සබරගමුව, දකුණු සහ  වයඹ පළාත්වලත් මහනුවර සහ   නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එම වාර්තාවේ සඳහන් වේ.

අනුරාධපුරය, මාතලේ  සහ  මන්නාරම දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය  හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ  උතුරු, උතුරු-මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ   හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය  හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

ඌව පළාතේ, අම්පාර, මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය  හැක. 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං  වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය  පියවර ගන්නා  ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා  සිටිනු ලැබේ.

දෘශ්‍ය  ලෙස සූර්යයා  උතුරට ගමන් කිරීමේදී සූර්යයා , අප්‍රේල් මස 05 සිට 14 දක්වා  දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලංට සෘජුවම ඉහළින් පවතී. අද දින (11) දහවල් 12:11 ට මානින්ගමුව, රඹෑව, කහටගස්දිගිලිය , ඊතලවැටුනවැව සහ මුතුර් යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.

  

Leave a Comment

Your email address will not be published. Required fields are marked *