අද වැසි බලපොරොත්තු විය භැකි ප්‍රදේශ

චම්පිකා  මුතුකුඩ

අද උදෑසන 5.30ට නිකුත් කරන ලද ඉදිරි පැය විසි හතර දක්වා වූ කාලගුණ වාර්තාවට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසී  ඇති වේ. බස්නාහිර  සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීද වැසී ඇතිවිය හැකිය.

 

සබරගමුව මධ්‍යම, ඌව නැගෙනහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද එම වාර්තාවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි

 

.සබරගමුව මධ්‍යම ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදේ උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක

 

.ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජනතාවගෙන්  ඉල්ලා සිටි යි.

දෘෂ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේ දී සූර්යා සූර්යයා අප්‍රේල් මස 05 දින සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී. අද දින දහවල් 12:12 ට සඳලංකාව, කුණ්ඩසාලේ, මහියංගණය සහ කල්මුණේ යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු  ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *