අද දළදා දැක්මට  පෝලිම් තුනේ සැදැහැවතුන් ලක්ෂ හතරකට වැඩියි.

 

                    මොහොමඩ් ආසික්


සිරි දළදා දැක්මේ හය වන දිනය වන අද 23 වනදාද මහනුවර නගරයට ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක්  පැමිණ පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබෙයි.

මහනුවර ඩී.එස්.සේනාානයක වීදිය දිගේ යන පෝලිම අද  සවස වන විට කටුගස්තොට නගරයද පසු කර තිබූ අතර ලැබෙන දත්ත අනුව පස්වරු 3.00 වන විට එම පෝලිමේ රැඳී සිටින සැදැහැවතුන් සංඛ්‍යාව 1,11,600 ක් වන අතර මුළු  සැදැහැවතුන්ගෙන් එය සියයට 28 ක් බවත් සඳහන් වෙයි. සංඝරාජ මාවතේ පෝලිම මේ වන විට කිලෝ මීටර් හතරද පසු කර ඇති අතර එහි රැඳී සිටින සැදැහැවතුන්ගේ  සංඛ්‍යාව 1,45,620 ක් වෙයි මුළු සැදැහැවතුන්ගෙන් එය සියයට 36 ක් බවත් සඳහන් වෙයි.

වැව රවුමේ පෝලිමේද සැදැහැවතුන් 145,620 ක් රැඳී සිටින බයත් එයද මුළු ප්‍රමාණයෙන් සියයට 36 ක් බවත් සඳහන් කර තිබේ.

අද දිනය අවසන්වන විට මෙම ප්‍රමාණයෙන් සියයට 34 කට ශ්‍රී  දන්ත ධාතූන් වහන්සේ වන්දනා කර ගැනීමට අවස්ථාව හිමි වනු ඇති බවත් එම දත්තවල සඳහන් වෙයි.ලක්ෂ හතරකට අධික පිරිසක් මේ වන විට ( ඊයේ පස්වරු 3.00) වන විට රැඳී සිටින  අතර එයින් සියයට 34 කට ඊයේ දිනයේ අවස්ථාව ලැබෙනු ඇති බවත් ඉතිරි සියයට 66   අද (24) වන දිනය දක්වා රැඳී සිටීමට සිදු වනු ඇති බවත් එම දත්ත වල සඳහන් වෙයි.

ඊයේ 23 වනදා දිනය අනෙකුත් දිනවලට  වඩා වැඩි තදබදයත් මහනුවර නගරය තුල ඇති කර ඇති අතර පෝලිම් පවතින මාර්ග තුනේම දැඩි වාහන තදබදයක්ද පවතී. ඇතැම් ප්‍රදේශවල ජනතාව පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දරණ අයුරුද දක්නට ලැබිණ.

ඊයේ දිනයේ ආබාධ සහිත පුද්ගලයින්ගේ පැමිණිමද සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබූ අතර ඔවුන් සඳහා පහසුකම් ලබා දීමේදීද ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දැරීය.

 පොලීිසිය ගණන් බලා ඇති ආකාරයට පැයකට සැදැහැවතුන් 20,000 ත් 21 ,000 ත් අතර ප්‍රමාණයකට  දන්ත ධාතූන් වහන්සේ වන්දනා කර ගැනීමට අවස්ථාව හිමි වන බවත්  පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා වන පැය හය හමාර තුළ සැදැහැවතුන් 135,000 කට පමණ අවස්ථාව හිමි වන බවත් සඳහන් කර තිබේ.ඉදිරි දින වල මහනුවර නගරයට පැමිණෙන සැදැහැවතුන්ගේ ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බැවින් අවධානයෙන් කටයුතු කරන ලෙස පොලීසිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.

අද 23 වනදා ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වන්දනාව අවසන් වන විට ගෙවී ගිය දින හය තුළ ධාතූන් වහන්සේ වන්දනා කර ගත් සැදැහැවතුන්ගේ සංඛ්‍යාව ලක්ෂ අටකට ආසන්න වනු ඇති  බවත් සඳහන් වෙයි.

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *