අද තරමක වැසි බලාපොරොත්තු විය හැකි ප්‍රදේශ මෙන්න

චම්පිකා මුතුකුඩ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ  නැගෙනහිර පළාත්වලත්  පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය  හැක.

 

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය  හැක.

 

බස්නාහිර පළාතේත්  ගාල්ල, මාතර සහ  පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය  හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය  පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

                                                   

මධ්‍යම සහ  ඌව පළාත්වලත් අම්පාර සහ  පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය  හැක.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *