අදත් වැසි සහිත කාලගුණයක්

යසංග මහවිතාන

අද උදෑසන පහයි තිහට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද ඉදිරි පැය 24 දක්වා වන කාලගුණ නිවේදනයට අනුව උතුරු උතුරු මැද නැගෙනහිර ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

  

බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වෙසී ඇතිවියහැක

 

 ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික සද තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *