අණ නොතකා ගිය වැලි ටිපරයකටවෙඩි. රියදුරුට තුවාලයි

          වන්නි රොමේෂ් මධූෂංක

 

යපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වූ ටිපර් රථයකට පොලීසිය විසින් අද (02) දිනයේදී සිදුකරන ලද වෙඩිතැබීමකදී එක් අයෙකු තුවාල ලබා ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පැවසීය.

පේදුරුතුඩු පොලිස් නිලධාරීන් පිරිසකට  කේරල ගංජා වැලි ටිපරයක ප්‍රවාහනය කරන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පොලිස් නිළධාරීන් පිරිසක් විසින් පේදුරුතුඩුව ප්‍රධාන මාර්ගයේ විශේෂ සෝදිසි මුරකාවල් යොදනු ලැබීය.

එහිදී සැකසහිත ටිපර් රථයක් නැවැත්වීමට  කරන ලද නියෝගයකදී වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයේ රියදුරු විසින් පොලිස් අණ නොතකා ධාවනය කළ බව  පොලීසිය පැවසීය.

පසුව මුරකාවල්  යොදා සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අදාල ටිපර් රථය පසුපස ලුහුබැඳ ගොස් නැවැත්වීමට අණ කළද අණ නොතකා ධාවනය කිරීමක් හේතුවෙන් පොලිස් නිළධාරීන් විසින් වෙඩි තැබීම  සිදු කොට ඇත.

පසුව ටිපර් රථයේ රියදුරු ටිපර් රථය නවතා පලා ගොස් ඇති අතර ටිපර් රථය පේදුරුතුඩුව පොලීසිය විසින් පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය.

වෙඩි තැබීම හේතුවෙන්  තුවාල ලැබූ ටිපර් රථයේ රියදුරු පේදුරුතුඩුව මන්දගායි රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබා ඇති අතර අද සවස පේදුරුතුඩුව පොලීසිය විසින් අදාල රියදුරුද අත්අඩංගුවට ගැනීමට පියවර ගනු ලැබීය.

රියදුරුගේ තුවාල බරපතල නොවන බවද රෝහල් ආරංචි මාර්ග පැවසීය. පේදුරුතුඩු පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *