අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා වන දීමනාව මෙම මස 20 වන දා සිට ගෙවීමට පියවර

නික්කි රණසිංහ

අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා වන රු.3000ක දීමනාව මෙම මස 20 වනදා සිට ගෙවීම සඳහා පියවර ගන්නා බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය දැනුම් දෙයි.

මීට පෙර එම දීමනාව සෑම මාසයකම 15 වැනිදා ගෙවීමට පියවර ගත් බවත්, ඒ කෙසේ වෙතත් විවිධ ප්‍රායෝගික ගැටලු හේතුවෙන් පසුගිය කාල සීමාවේ දී නිශ්චිත දිනයක් තුළ එම දීමනාව ගෙවීමට නොහැකි වීම හේතුවෙන් වැඩිහිටියන් අපහසුතාවයකට ලක් වන බවත්, වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුම් මහතා පැහැදිලි කරයි.

ඒ හේතුවෙන් අදාල පාර්ශව සමඟ සාකච්ඡා කර, එම දීමනාව සහ හිඟ දීමනා තැපැල් හා උපතැපැල් කාර්යාල හරහා මේ මාසයේ 20 වනදා සිට ගෙවීමට කටයුතු කරන බව චතුර මිහිදුම් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

අස්වැසුම පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා ලබා දෙන එම දීමනාව පසුගිය නොවැම්බර් සිට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ඍජුවම අස්වැසුම ගිණුම්වලට බැර කරයි. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *