වැලිගම තරංග ගුණරත්න
වැලිගම කප්පරතොට ප්‍රදේශයේ පිහිටි කසල අංගනය හේතුවෙන් පාරිසරික සහ සෞඛ්‍ය හා නොයෙකුත් ගැටලු රැසක් පැන නැගී ඇති බවත් ඒ සඳහා විසඳුමක් ලෙස මෙම කසල අංගනය හුදෙකලා ප්‍රදේශයකට රැගෙන යන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති
වැලිගම නගර සභාව මගින් පවත්වාගෙන යන මෙම කැලි කසල අංගනය ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම කප්පරතොට ප්‍රදේශයේ පිහිටා තිබේ
මෙම ස්ථානය වගුරු බිමක් ලෙස තිබූ බවත් මෙම ස්ථානයට සුනාමි ව්‍යසනයෙන් විනාශ වූ නොයෙකුත් ගොඩනැගිලි අපද්‍රව්‍ය ගෙනවිත් දමා ගොඩ කිරීමෙන් පසු මෙම ස්ථානය පිට්ටනියක් ලෙස පැවැති බවත් ඒ වන විට කප්පරතොට සංඝානන්ද විද්‍යාලයේ දරුවන් මෙම ස්ථානය යොදා ගනිමින් ක්‍රීඩා කටයුතු කළ බවද ප්‍රදේශයේ ජනතාව පවසති.
එවැනි වටිනා ස්ථානයක් ලෙස මෙම ස්ථානය පැවති බවත් එම අවස්ථාව අහිමි කරමින් එවකට බලධාරීන් විසින් මෙම ස්ථානය නගරයේ අපද්‍රව්‍ය ගෙනවිත් දමන ස්ථානයක් බවට තෝරාගෙන තිබිණි.
ඒ සමග දිනෙන් දින වසර ගණන් ගතවීමෙන් පසු මහා කුණු කඳු බවට මෙම ස්ථානය පත්ව තිබිණි.
පසුකාලීනව අපද්‍රව්‍ය යොදා ගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සිදු කිරීම සිදු කරන ලදී. එවැනි පසුබිමක වැලිගම නගර සභා බල ප්‍රදේශයේ බැහැර කරනු ලබන නොයෙකුත් අපද්‍රව්‍ය අතර පොලිතින්, විවිධ ටින් වර්ග, ප්ලාස්ටික් බෝතල්, වැනි දිරාපත් නොවන ද්‍රව්‍ය මෙන්ම දිරාපත් වන අපද්‍රව්‍ය ප්‍රමාණය දිනෙන් දින ඉහළ යෑම සමග මෙම ස්ථානයට රැගෙන අපද්‍රව්‍ය හේතුවෙන් අක්කර 15කට 20කට ආසන්න ප්‍රදේශක කැලිකසල කඳු ගොඩ ගැසී තිබේ.
මෙම කැලිකසල වර්ගීකරණය කිරීමෙන් පසු කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සිදු කෙරේ නමුත් ඒ සඳහා බොහෝ කාලයක් ගතවන බවත් දිනකට මෙම ස්ථානය වෙත ගෙනවිත් දමන කැලි කසල ප්‍රමාණය ඉහළ යෑම සමග මෙම ප්‍රදේශයේ ජනතාව පාරිසරික හා සෞඛ්‍ය තවත් ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව ඇති බව ජනතාව පෙන්වා දෙති.
විශේෂයෙන් මෙම ස්ථානය ඉදිරිපිට වැලිගම කප්පරතොට සංඝානන්ද ප්‍රාථමික විද්‍යාලය ද ,එසේම කප්පරතොට කෙත්තාරාම පුරාණ විහාරස්ථානයද පිහිටා තිබේ.
මෙම කැලිකසල අංගනය හේතුවෙන් මෙම ප්‍රදේශයේ පවත්වාගෙන යන සංචාරක ව්‍යාපාරයට ද දැඩි බලපෑමක් එල්ල වී තිබේ. තවද එම අවට ප්‍රදේශයේ පිහිටි ජල මූලාශ්‍රවලට දැඩි බලපෑමක් ද ඇති වී තිබේ
එබැවින් මෙම ස්ථානය හුදෙකලා ප්‍රදේශයකට රැගෙන යන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති
වැලිගම නගර සභාවෙි උසස් නිලධාරියකු කියා සිටියේ
දිනෙන් දින වර්ධනය වන කැලි කසල ප්‍රශ්නය සඳහා ජනතාවත් නිලධාරීත් එක්ව .පිළිතුරු සෙවිය යුතුයි එසේම මේ වන විට බල ප්‍රදේශයේ කැලිකසල වෙනුවෙන් මාසිකව අති මහත් පිරිවැයක් දරන්න සිදුවෙලා තිබෙනවා එය ජාතික අපරාධයක්
මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ වැලිගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති අර්කමි ඉල්ලයාස් මහතා මෙසේ පැවසූහ.
බල ප්‍රදේශය තුළ හඳුනාගත් ව්‍යාපෘති අතර කැලිකසල ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා අනිවාර්යෙන් එය ක්‍රියාත්මක වේවි.